දකුණේ සුළං තත්ත්වය තවත් සැර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

දකුණේ සුළං තත්ත්වය තවත් සැර වෙයි

දකුණේ සුළං තත්ත්වය තවත් සැර වෙයි

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය නිසා තවදුරටත් බලාපොරොත්තු විය යුතු බවත්  එමෙන්ම
අද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්ය. 

 


එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60ත් අතර තරමක තද සුළං මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත් වලත් ඇතිවිය හැකිය.

views

230 Views

Comments

arrow-up