පානදුර පොදු වැසිකිළියේ සේවකයාගෙන් මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

පානදුර පොදු වැසිකිළියේ සේවකයාගෙන් මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට

පානදුර පොදු වැසිකිළියේ සේවකයාගෙන් මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට

පානදුර මුහුදු වෙරළේ පොදු වැසිකිළියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 වැනි වියේ පසුවන පාසල් සිසුන් පිරිසකි.

 

සැකකරුවන් හයදෙනා පානදුර වෙරළ තීරයේ ඇති පොදු වැසිකිළිය අසලට පැමිණ තිදෙනකු කිසිවකු පැමිණේද යන්න නිරීක්ෂණය කරමින් සිටියදී අනෙක් තිදෙනා එහි සිටි සේවකයා බියගන්වා මුදල් පෙට්ටිය කොල්ලකා පලාගොස් තිබේ.

 

එහිදී බියට පත් සේවකයා ඉවතට පැන උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටි පිරිසගේ සහාය ඇතිව පාසල් සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

 

කොල්ලකෑ මුදල් භාජනයේ තිබී ඇත්තේ රුපියල් 415ක් බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

කොල්ලයේ ප්‍රධාන සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට සහ අනෙක් සිසුන් පස් දෙනා සොරකමට අනුබල දීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර දකුණ මූලස්ථාන පො.ප. උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

views

134 Views

Comments

arrow-up