ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටට ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන්

ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට නියමිතව ඇත.
එම ගුවන්තොටුපොළ ලබන බදාදා(20) විවෘත කිරීමට නියමිතව තිබේ.
ගුවන්තොටුපොළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් විවෘතකිරීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක්ද සහභාගිවීමට නියමිතය.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් සහ මහ සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගිවීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති මෙම කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනා කිරීම සඳහා පහසුකම් සැලසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
708 Views
Comments