NOV
26
ෆිෆා පිට්ටනි හදන්න ගිය ලංකාවේ හයසියයක් මැරිලා

කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විවිධ ඉදිකිරීම් කටයුතු සඳහා ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් හයසීයකට ආසන්න පිරිසක් විවිධ අනතුරුවලින් මිය ගොස් ඇති බව අනාවරණය වෙයි.
පාපන්දු ක්‍රීඩාංගණ, මහා මාර්ග, හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා 2010 වසරේ සිට මේ දක්වා සහභාගි වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස මිය ගොස් තිබේ.
2020 වසර වන විට ආසියානු තානාපති කාර්යාල මූලාශ්‍රවලින් හෙළි වී ඇත්තේ කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් සඳහා ගිය ශ්‍රමිකයන් හයදහස් පන්සියයක් අනතුරුවලින් මියගොස් ඇති බවකි.
218 Views
Comments