ලාංකික කතුන් එතෙරට විකිණූ ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඕමානයේ සහ අබුඩාබි වෙත මිනිස් ජාවාරම් සිදුකළ ප්‍රධාන සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ අබුඩාබි හි සිට පැමිණි අදාළ පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේදී ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා 44 හැවිරිදි අයෙකු බව වාර්තා වෙයි.
ගුවන් තොටුපොළේ දී සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඔහුගෙන් සිද්ධිය ගැන විමසීමේදී ඔහු පැවසුවේ තමන් එවැනි වරක් සිදුනොකළ බවය.
මාධ්‍යවේදියෙක් - "ඇයි මෙහෙම දේවල් කාන්තාවන්ට සිදුකරන්නේ?"
සැකකරු - " එකකන් ඇවිත් තියෙනවා.. කාන්තාවන් 20ක්.එයාලගෙන්ම අහගන්න. එයාලා ඇත්ත කියයි. එයාලා ඇවිත් ඉන්නවා.. එයාලා ගෙවල්වලට ගිහිල්ලා නෑ. මාව බේරන්න.. මම මුකුත් කරලා නැහැ. එයාලා ඇවිල්ලා තියෙනවා. එයාලාගෙන්ම අහගන්න. මම කියනවාට වඩා එයාලා කියන එක හොඳයි."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව ද සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට සමත් විය.
එළෙස විදෙස්ගත කළ කාන්තාවක් එරටදී ගණිකා සේවයේ යොදවා අති බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.
172 Views
Comments