කප්පම් ගන්න පැහැරගත් ව්‍යාපාරිකයා අතරමඟදී ලොරියෙන් පනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

කප්පම් ගන්න පැහැරගත් ව්‍යාපාරිකයා අතරමඟදී ලොරියෙන් පනී

කප්පම් ගන්න පැහැරගත් ව්‍යාපාරිකයා අතරමඟදී ලොරියෙන් පනී

රුපියල් ලක්ෂ 03ක කප්පම් මුදලක් ඉල්ලා රාත්‍රී 11ට පමණ ගලහ දෙල්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලොරියකින් පැහැරගෙන යමින් සිටියදී එම ව්‍යාපාරිකයා අතරමඟදී ලොරියෙන් පැනවිත් ගලහ පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ කප්පම්කරුවන් සොයා ගලහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

මෙලෙස පැහැරගෙන ගොස් තිබෙන්නේ දෙල්තොට ග‍්‍රීන් ලෑන්ඩ් පටුමග ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. 

 

දෙදෙනකු මෙම පැහැර ගැනීම සඳහා පැමිණ ඇතැයි ගලහ පොලිසිය කියයි. 

 

මොහු රාත්‍රී වෙළෙඳසල තුළ සිටියදී කුඩා ප්‍රමාණයේ ලොරියකින් පැමිණි දෙදෙනෙකු කප්පම් මුදල ඉල්ලා ඇති අතර පසුව මොහුට පහරදී බිය ගන්වා එම ලොරි රථයෙන් පැහැරගෙන ගිය බවත් පැමිණිල්ලේ සඳහන්වේ. 

 

මෙම ලොරි රථය ගලහා බෙල්වුඩ් මාර්ගයේ ගමන් කරමින් තිබියදී කඳු ප්‍රදේශයක එන්ජිම නතර වී ඇති බවත් එම අවස්ථාවේ තමා යටත් කරගෙන සිටි පුද්ගලයා රියදුරු අසුනට යෑමට සූදානම් වන අවස්ථාවේදී තමා ඉන් පැන ආ බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

 

ගම්පොල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

719 Views

Comments

arrow-up