ආර්ථික අර්බුදය උග්‍ර අතට - තවත් ණයක් ගන්න කැබිනට්ටුවේ සාකච්ඡා

මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති දැඩි ඩොලර් අර්බුදයෙන් ගැලවීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය මුදලක් ඉල්ලා ගත යුතු බවට අමාත්‍යවරුන් විසින් කැබිනට් මණ්ඩලයේ දී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊයේ පැවති මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව සඳහන්.
එහිදී බලශක්ති අමාත්‍යවරයා විසින් ඉන්ධන ආනයනය සඳහා මෙම ඩොලර් හිඟය බලපා හැකි බව පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගතහොත් ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව සිටිය යුතු නිසා එය පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ විරෝධයක් ද මතුව තිබෙනවා.
782 Views
Comments