NOV
09
රථවාහන දඩ සහනය 14 වැනිදායින් අවසන් වෙයි

පැවති සංචරණ සීමා හේතුවෙන් කල් ඉකුත්වූ රථ වාහන දඩ පත්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබුණු සහන කාලය මෙම මස 14 වැනිදායින් අවසන් බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
ඒ අනුව ඔක්තොම්බර් 31 වැනිදා සිට සිදුකරන ලද රථවාහන වැරදි වලට අදාළ දඩ පත්‍රිකා අතරේක දඩ මුදල් රහිතව මෙම මස 14 වැනිදා දක්වා අයකර ගන්නා බවත් ඉන් පසු දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාරගැනීම සිදුකරන බවත් තැපැල්පතිවරයා පවසයි.
766 Views
Comments