NOV
09
පුත්තලමේ මාර්ග දෙකක් ජලයෙන් යටවේ

පවතින අයහපත් කාලගුණයත් සමග පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකක් ජලය යට වී ඇති බව වාර්තා වනවා.
මේ සමගම එම මාර්ග වල රථවාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති හෙයින් ඒ සඳහා අවශ්‍ය විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනවා.
මෙලෙස ජලයෙන් යටව ඇත්තේ පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට යන මාර්ගයේ පාලාවි ප්‍රදේශය සහ අරලිය උයන, 2 කණුව, තම්බපණ්ණි ප්‍රදේශයේ පුත්තලමේ සිට කුරුණෑගල දක්වා යන මාර්ගයයි.
766 Views
Comments