ගැඹුරු මුහුදේදී අනතුරට පත්ව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙක් නිරුපද්‍රිතව ගොඩබිමට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ගැඹුරු මුහුදේදී අනතුරට පත්ව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙක් නිරුපද්‍රිතව ගොඩබිමට

ගැඹුරු මුහුදේදී අනතුරට පත්ව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙක් නිරුපද්‍රිතව ගොඩබිමට

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 610 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී යාත්‍රාවේ සිටියදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු බේරාගෙන  නාවික නෞකා “සයුරල” නෞකාව මඟින් අද(18)  හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.

 

බේරාගත් ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යොමුකොට ඇත. 

 

ගාල්ල ධීවර වරායෙන් 2021 ජූනි මස 29 වන දින එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ ධීවරයින් හය දෙනක් සමගිනි. බහු දින ධීවර යාත්‍රාවේ සිදුවු හදිසි අනතුරකින් යාත්‍රාවේ  සිටි ධීවරයෙකුගේ උදරය ප්‍රදේශයට සිදුවූ කැපුම් තුවාලයක් හේතුවෙන් එම ධීවරයා ඉතා අසාධ්‍ය  තත්වයේ පසුවිය.

 

තුවාල ලැබූ ධීවරයා ප්‍රතිකාර සඳහා යොමුකිරීමට සහයවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සඥාවක් මඟින් දැනුම් දෙන ලදි.

views

821 Views

Comments

arrow-up