උඩ පන්දුව සිසුවාට මාරකයක් වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

උඩ පන්දුව සිසුවාට මාරකයක් වූ හැටි

උඩ පන්දුව සිසුවාට මාරකයක් වූ හැටි

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කේම්බි්‍රජ් දමිළ විද්‍යාලයේ විවේක කාලයේදී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකීමට යන අතරේ ලිස්සාගොස් ගොඩනැඟිල්ලක බිත්තියක හිස ගැටීමෙන් බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදී ඉකුත් 04 දා ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

 

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ එම පාසලේ 13 වසරේ තාක්ෂණ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි ශිවකුමාර් නදිෂ් නමැති 18 හැවිරිදි පාසල් සිසුවායි.

 

පාසල් විවේක කාලයේදි තවත් ළමුන් පිරිසක් සමග පන්දුවකින් සෙල්ලම් කරමින් සිටියදී පන්දුව ඇල්ලීමට දිවගොස් ඇති පාසල් සිසුවා ලිස්සාගොස් සිසුවාගේ හිස ගොඩනැඟිල්ලක බිත්තියක ගැටීමෙන් හිසට බරපතළ ලෙස තුවාල සිදු වී තිබූ බවත්, එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලේ සිට මහනුවර ශික්ෂණ රෝහල දක්වා රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

 

කොටගල කේම්බි්‍රජ් දමිළ විද්‍යාලයේ 13 වසරේ තාක්ෂණ විෂය හදාරමින් සිටි ජීවිතක්ෂයට පත් සිසුවා අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට අතිශය දක්ෂ සිසුවෙකු බවත්, ඔහුගේ නැගණියත් එම පාසලේම අධ්‍යාපනය ලබන බවත්, මියගිය සිසුවාගේ පියා වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු බවත් එම විදුහලේ විදුහල්පති ජෝන් නිකලස් මහතා කියා සිටී.

 

මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද (07) තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේදී සිදු කරන බව මියගිය සිසුවාගේ ඥාතීන් පැවසීය.

views

162 Views

Comments

arrow-up