කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100කට කොරෝනා

සෞඛ්‍ය අංශ සදහන් කර සිටියේ කොබෙයිගනේ ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
තවදුරටත් ඔවුන් කියා සිටියේ ඒ හේතුවෙන් කර්මාන්තශාලාවේ නිෂ්පාදන අංශය වසා දමා ඇති අතර ආසාදිතයින්ගේ පවුල් සහ සමීපතමයන්ගේ පවුල් නිරෝධායනය සදහා පියවර ගෙන ඇති බවයි.
මෙලෙස කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 32 දෙනෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ද, 23 දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ද, 22 දෙනෙකු කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන්ද වන අතර ඉතිරි පිරිස රස්නායකපුර, අඹන්පොල හා ආණමඩුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.
839 Views
Comments