ඉන්දියානුවන්ගේ තොරතුරු සෝදිසි කිරීමට පෙගසස් නම් ඔත්තු මෘදුකාංගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

ඉන්දියානුවන්ගේ තොරතුරු සෝදිසි කිරීමට පෙගසස් නම් ඔත්තු මෘදුකාංගයක්

ඉන්දියානුවන්ගේ තොරතුරු සෝදිසි කිරීමට පෙගසස් නම් ඔත්තු මෘදුකාංගයක්

ඉන්දියානු මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් පිළිබඳ තොරතුරු සෝදිසි කිරීම සදහා පෙගසස් ඔත්තු මෘදුකාංගය භාවිතා කර ඇති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මගින් සනාථ කරගෙන ඇත.

 

 


ඉන්දීය ඇමතිවරු , රජයේ නිලධාරීන් , විපක්ෂ නායකයින් , හින්දුස්තාන් ටයිම්ස් , ද හින්දු ඉන්දියා ටුඩේ , ඉන්දියන් එක්ස්ප්‍රස් , නෙට්වර්ක් 18 යනාදියේ වාර්තාකරුවන් සහ ලේඛකයන් , ද හින්දු කාර්‍යංශයේ සේවය කරන විජයතා සිං , ෂිෂීර් ගුප්තා , සිද්ධාර්ත් වර්දරාජන් , එම්.කේ.වෙනූ , සුෂාන්ත් සිං , රෝහිණි සිං , මුසාමිල් ජලීල්, රිතිකා චොප්රා හා ස්වාති චතුර්වේදී යන අයගේ දුරකථන මෙම ඔත්තු මෘදුකාංගය හේතුවෙන් අඩපණ වී ඇත.

 

 


ඇන්ඩ්‍රොයිඩ් හා අයිඕඑස් පද්ධති මත ක්‍රියාකරන දුරකථනවල දත්ත සොරකම් කිරීමට මෙම පෙගසස් මෘදුකාංගය භාවිතා කරන අතර එය ඊශ්‍රායල් සමාගමක් වන එන්එස්ඕ සමූහය විසින් ලොව පුරා රජයන් වෙත විකුණයි.


ගාඩියන් හා වොෂින්ටන් පෝස්ට් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායම් 17ක්, මෙමගින් තොරතුරු ලබාගත් ආකාරය විමර්ශනය කිරීමට නායකත්වය ලබා දී ඇත.

views

1086 Views

Comments

arrow-up