විද්‍යාව උගන්වන ගමන් සිසුවියකගේ පියයුරු අල්ලයි.

12 හැවිරිදි පාසල් සිසුවියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් එම සිසුවියට ලිංගික අතවරයක් සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි දැනට සක‍්‍රිය රාජකාරියේ නිරත විදුහල්පතිවරෙකු එකී චෝදනාවට වරද පිළිගෙන ඇත.
ඒ අනුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
ඊට අමතරව පැමිණිළිකාර වින්දිත බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විත්තිකාර විදුහල්පතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
2016 වසරේ අගෝස්තු මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක වයස අවුරුදු 12 ක පමණ විද්‍යාව විෂය උගන්වමින් සිටියදී දැරියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් ලිංගිත අතවරයක් සිදු කරමින් මෙම අපරාධමය වරද සිදු කර ඇති බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 345 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකාර විදුහල්පතිවරයාට එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ .
280 Views
Comments