මගේ පියා හිරේ දැමීමෙන් ජනතාව කුපිත වෙලා.. දැන් ගෝටාභයගේ ජුන්ටාව පරාදයි - චතුර

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තම පියා වන රාජිත සේනාරත්න වෙනුවෙන් නීතියේ දෙවඟන යුක්තිය ඉටුකරන තෙක් බලා සිටින බව ඔහුගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.
අධිකරණයේ ස්වාධීනත්වය තුළින් අනාගතයේ දී රාජිත සේනාරත්නට යුක්තිය ඉටුවේ යයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
රාජිත සේනාරත්න බන්ධනාගාර ගතකිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ ජුන්ටාව පරාජය වූ බව ද ඔහු සඳහන් කළේය.
ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සිදුවීමේදී එකට එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබීම බවයි.
මෙතෙක් දෙකට බෙදී කටයුතු කල විපක්ෂය අද එකාවන්ව රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු කියා සිටියේය.
හිටපු ඇමති රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
2837 Views
Comments