MAY
07
සිරකරුවන් 228 දෙනෙකුට නිදහස

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකු නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, දිවයින පුරා බන්ධනාගරවලින් එම පිරිස අද නිදහස් කළ බවයි.
බන්ධනාගාරගත වයස අවුරුදු 65 ට වැඩි සහ සුළු වැරදිවලට දඬුවම් විඳින රැඳවියන් පිරිසක් නිදහස් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
782 Views
Comments