නාකොටික් සිද්ධියේ 15වන සැකකරු යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

නාකොටික් සිද්ධියේ 15වන සැකකරු යළි රිමාන්ඩ්

නාකොටික් සිද්ධියේ 15වන සැකකරු යළි රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට ගැනුණු නිලධාරීන් අතරින් 15 වන සැකකරු වන ගුරුගේ මංජුල නම් තැනැත්තා ලබන ජනවාරි 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

 

එම 15 සැකකරුට එල්ල වී ඇති චෝදනාව වන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ මත්ද්‍රව්‍ය අලෙවි කිරිම සඳහා සහාය ලබා දුන් බව ටයි.

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ අනෙක් පොලිස් නිලධාරීන් 14 දෙනාට එරෙහි නඩුව ද අද කැඳවීමට නියමිතයි.

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනාව මතයි මෙම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

 

 

 

 

views

666 Views

Comments

arrow-up