අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 639ක් - යුක්‍රේන සංචාරකයින් 6කට කොරෝනා

මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු අද දිනයේ දී වාර්තා වී තිබෙනවා . ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 42,702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත ආසාදිතයින් ගෙන් දැනට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 34,623ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 7,884ක්
මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් 6දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
615 Views
Comments