කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් පිම්මක් පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් පිම්මක් පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් පිම්මක් පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් ඊයේ (20) දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.

 

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කරන ලදී.

 

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,962.03 ක් ලෙසින් සටහන් විය.

 

රු. බිලියන 5.56 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

 

එහිදී දේශීය ගැනුම් ලෙස රු. බිලියන 5.41 ක් හා දේශීය විකිණුම් ලෙස රු. බිලියන 5.35 ක් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 148ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 203 ක් ලෙසින් වාර්තා වී තිබේ.

views

87 Views

Comments

arrow-up