විදුලිය සහ ඛනිජ තෙල් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

විදුලිය සහ ඛනිජ තෙල් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

විදුලිය සහ ඛනිජ තෙල් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

 

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති අතර අදාළ ගැසට් නිවේදනයෙන් රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

views

217 Views

Comments

arrow-up