බදුල්ලේ කැබ් රථ අනතුරෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් රෝහලෙන් පැන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

බදුල්ලේ කැබ් රථ අනතුරෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් රෝහලෙන් පැන යයි

බදුල්ලේ කැබ් රථ අනතුරෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් රෝහලෙන් පැන යයි

බදුල්ල ප්‍රදේශයේ ඌව මහා විද්‍යාලය සහ ධර්මදූත මහා විද්‍යාලය අතර පැවති මහා ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ කැබ් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගොස් ඇති බව වාර්තා වේ.

 

එහිදී සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් හත් දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.

 

තුවාල ලැබූ පිරිස බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහි සිටියදී මෙලෙස සිසුන් දෙදෙනෙකු පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

 

ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගණය වටා රථ පෙළපාලිය ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.

 

බදුල්ල පොලිසියේ රථවාහන අංශය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලැබේ.

views

231 Views

Comments

arrow-up