මෙරට පාසල් දරුවන්ට චීනයෙන් සහල්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

මෙරට පාසල් දරුවන්ට චීනයෙන් සහල්

මෙරට පාසල් දරුවන්ට චීනයෙන් සහල්

මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යටතේ චීනය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දහසක මානුෂීය ආධාර තොගයක් ලබාදී තිබෙනවා.

 

මෙම සහල් තොගය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමේ අවස්ථාව ඊයේ(15) පැවැත්වුණු අතර දිවයිනේ පළාත් නවයක පාසල් 7900 ක ලක්ශ 11ක පමණ පාසල් දරුවන් වෙනුවෙන් පෝෂදායි ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණ වන බවයි චීන තානාපති ශිංහොං ප්‍රකාශ කර තිබෙන්නේ.

 

චීන ආහාර සැලැස්ම යටතේ සහල් මෙට්‍රික් ටොන් දහදාහක් මෙරටට ලබා දීමට නියමිත අතර එහි දෙවන කාණ්ඩය වශයෙන් මෙම සහල් තොගය ලබා දී ඇත්තේ.

views

270 Views

Comments

arrow-up