රාජ්‍ය සේවක බඳවා ගැනීම් සහ අතිකාල දීමනා ඇතුළු වියදම් රැසක් කපාහරියි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

රාජ්‍ය සේවක බඳවා ගැනීම් සහ අතිකාල දීමනා ඇතුළු වියදම් රැසක් කපාහරියි (PHOTOS)

රාජ්‍ය සේවක බඳවා ගැනීම් සහ අතිකාල දීමනා ඇතුළු වියදම් රැසක් කපාහරියි (PHOTOS)

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

 

සියලූම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙතයි එය නිකුත් කර ඇත්තේ.

 

ව්‍යාපෘති වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමයක්, ඉන්ධන, සන්නිවේදන වියදම් අඩු කිරීම සහ සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම සඳහා ක්‍රමවේදයන් 17 ක් අඩංගු විශේෂ උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර තිබෙනවා.

 

එමෙන්ම රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සඳහා මුලික කරුණු සිදුකර තිබුනද මෙතෙක් තනතුරු සඳහා කර නොමැති පත්වීම් අත්හිටුවීමට ද එමගින් නියෝග කර තිබෙනවා.

 

 

views

1235 Views

Comments

arrow-up