එන්නත ලබාගැනීමට පැමිණි දැරිය කොවිඩ් පොසිටිව් - එන්නත් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමයි

වයස අවුරුදු 16ට වැඩි පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ඊයේ (05) පැවැති වැඩසටහනකදී ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි දැරියක හදිසියේ අසනීප වී රෝහල්ගත කර තිබේ.
බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම එන්නත්කරණ කටයුතු සිදුවී තිබුණි.
ඒ අනුව අසනීපවූ දැරියව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී දැරියට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
එම දැරියගේ මව සහ පියාත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව පාසලේ පැවැති එන්නත්කරණ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබුණි.
612 Views
Comments