පෙර පැවති නීතියට පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

පෙර පැවති නීතියට පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

පෙර පැවති නීතියට පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ති‌බ‌ෙනවා.


පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණයෙන් කළ විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණයට ප්‍රකාශයට පත් කර තිබ‌ෙනවා.

 

සීමා නීර්ණය සමාලෝචන කමිටුවේ වාර්තාව නොමැතිව දැනට අමාත්‍යවරයාට භාරදී ඇති සීමා නීර්ණය වාර්තාව අනුව සීමා ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි අධිකරණය නිගමනය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනය කළාා.

 

සංශෝධිත පනත අනුව සීමා නීර්ණය කමිටුව වාර්තාවක් සකස් කර භාරදී ඇතත් ඒ සම්බන්ධන් මතු වූ ගැටලු නිසා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කෙරුණා.

 

නමුත් සමාලෝචන කමිටුව තවමත් ඔවුන්ට පැවරී ඇති කාර්යය ඉටුකර නොමැති අතර මේ නිසා දැනට සකස් කළ වාර්තාවෙන් සීමා ප්‍රකාශ කර ඡන්දය පැවැත්විය හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසුවා. ඒ සමගම ජනාධිපතිවරයා විමසුවේ, පෙර පැවති නීති අනුව ඡන්දය විමසීමට ඉඩක් තිබේද යන්නයි.

 

මෙම කරුණු දෙකටම අදාළව ජනාධිතිවරයාට බලයක් නැතැයි අධිකරණය නිගමනය කර ඇති අතර සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවස්ථාව මේ වනවිට අහිමිවී තිබ‌ෙ‌නවා.

views

585 Views

Comments

arrow-up