පාසල් ඉගැන්වීම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට - රූපවාහිනී වැඩසටහන් පෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

පාසල් ඉගැන්වීම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට - රූපවාහිනී වැඩසටහන් පෙළක්

පාසල් ඉගැන්වීම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට - රූපවාහිනී වැඩසටහන් පෙළක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය නැවත රට තුළ මතුවීම හේතුවෙන් තෙවන පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වුවද ළමුන් සඳහා මාර්ගගත ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා කටයුතු සැළසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ලබන 09 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබු තෙවන පාසල් වාරය රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් සති දෙකකින් කල්දැමීමට තීරණය කළ බවයි.

 

3 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

 

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

 

 

views

813 Views

Comments

arrow-up