SEP
27
ගුවන් මඟින් ආ කෝටි 12 ක රන් බඩු රේගු දැලේ පැටලේ

ඩුබායි සිට පැමිණි FZ 569 හා UL 226 දරන ගුවන් යානා වලින් මෙරටට පැමිනි ගුවන් මගීන් 04 දෙනෙකු නීති විරෝධීව මෙරටට ගෙන ආ රන් බිස්කට් 30ක් හා රන් ආභරණ තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහි බර කිලෝ 6 ක් වන අතර රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 123ක් ලෙස තක්සේරු කර ඇත.
මෙම මගීන් අතර කාන්තාවන් 3 දෙනෙකු වේ. මේ පිලිබඳව වැඩිදුර පරීක්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කෙරේ.
270 Views
Comments