අසැබි දසුන් නරඹා බිරිඳට වධ හිංසා කළ නරුම සැමියෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

අසැබි දසුන් නරඹා බිරිඳට වධ හිංසා කළ නරුම සැමියෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

අසැබි දසුන් නරඹා බිරිඳට වධ හිංසා කළ නරුම සැමියෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

අසභ්‍ය චිත්‍රපට නරඹා ඒවායේ ඇති ලිංගික දර්ශන වල මෙන් හැසිරෙන ලෙසට සිය බිරිඳට බල කරමින් පහර දුන් සැමියෙකු පිළිබඳ පුවතක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

අයිස් මත්ද්‍රව්‍ය වලට සහ කාමුක චිත්‍රපට වලට  දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව පැවසෙන මෙම පුද්ගලයා එම චිත්‍රපටයන්හි තිබෙන ලිංගික ඉරියව් අනුගමනය කරමින් ඔහුගේ මිතුරන් සමග යහන්ගතවන ලෙසද තම බිරිඳට බල කර ඇති බවද වාර්තා වේ.

 

මෙම පුද්ගලයාගෙන් එල්ලවන පීඩනය දරාගෙන නොහැකිව ඇයගේ බිරිඳ විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඊයේ (07) දින පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

views

440 Views

Comments

arrow-up