JUN
30
නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කොටහේන ගල්පොත්ත වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 3,600ක් පමණ සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වන ගල්පොත්ත වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
238 Views
Comments