කොකේන් සමග ලංකාවට ආ මැසිඩෝනියානු ජාතිකයෙක් කටුනායකදී අල්ලයි

කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් අද උදෑසන අටයි තිහට පමණ ලංකාවට පැමිණි විදේශිකයෙකු විසින් ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණි කොකේන් ග්‍රෑම් 350 ක් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසා සිටින්නේ මෙම විදේශිකයා බ්‍රසීලයේ සිට මෙරටට පැමිණිය ද, ඔහු මැසිඩෝනියානු ජාතිකයෙකු බවයි. සැකකරු වයස අවුරුදු 54 ක අයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමු වරට බව සඳහන් වේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී මෙම සැකකරුගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය හමු වී ඇති අතර, එම කොකේන් ප්‍රමාණයේ වෙළෙඳපළ වටිනාකම රුපියල් මිලියන දාහතක් බව රේගුව පවසයි.
මෙම කොකේන් මත්ද්‍රව්‍ය සුප් කැට ආකාරයෙන් අසුරා තිබුණු බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කර සිටී.
203 Views
Comments