නව වසරේ රැස්වෙන මුල්ම කැබිනට් හමුවට අද දාන්න යන විදුලිබිල් සංශෝධනය මෙන්න - පූජනීය ස්ථානවලටත් තරුපේන මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

නව වසරේ රැස්වෙන මුල්ම කැබිනට් හමුවට අද දාන්න යන විදුලිබිල් සංශෝධනය මෙන්න - පූජනීය ස්ථානවලටත් තරුපේන මිලක්

නව වසරේ රැස්වෙන මුල්ම කැබිනට් හමුවට අද දාන්න යන විදුලිබිල් සංශෝධනය මෙන්න -  පූජනීය ස්ථානවලටත් තරුපේන මිලක්

නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව අද(02) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්.මේ වසරේ පළමු කැබිනට් මණ්ඩල හමුව හෙට වීමද විශේෂත්වයක්.

 

මෙහිදී කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20ක ගාස්තුව රුපියල් 26ක් දක්වා සීමා කිරීමට යෝජනා කිරීමට නියමිතව තිබෙනවා.

 

එසේම ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක සීමාවේ පවත්වා ගෙන යාමට මෙහිදී යෝජනා කිරීමට නියමිත ඇතැයි වාර්තා වෙනවා.

 

තවද පළමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 දක්වාත් සේම ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,600 ක සීමාවක පවත්වාගෙන යාමට නියමිත බව සදහන් වෙනවා.

 

එසේම මෙහිදී පොදු කාර්යන් හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත් හා ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකකයක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කිරීම‍ට යෝජනා වී ඇති බවද සදහන් වෙනවා.

 

තවද පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී යෝජනා කිරීමට නියමිතයි.

 

ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 100 කින්,එනම් රුපියල් 1,600 දක්වා වැඩි කිරීමට යෝජනා කිරීමට නියමිත බවද සදහන් වෙනවා.

 

ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතන සඳහා ලබා දී ඇති පළමු ඒකක 30 සඳහා වන රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇතැයි සදහන් වෙනවා.

 

එසේම ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

 

එසේම ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර ඇති අතර ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය යටතේ රුපියල් 20ක් එක ඒකකයකට අය කළ ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කොට ඇති බව වාර්තා වෙනවා.

 

තවද ඒකක 121ත් 180ත් අතර රුපියල් 30ක්ව පැවති එක ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා වැඩි කිරීමට යෝජනා කොට තිබෙනවා.

 

එසේම ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කිරීමට යෝජනා කොට තිබෙනවා.

 

තවද ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයට අය කළ රුපියල් 450ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමටත් 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී යෝජනා වී ඇතැයි සදහන් වෙනවා.

 

එසේම ඒකක 31 සිට ඒකක 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් සේම ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයට අය කළ රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ඉහළ නැංවීමට යෝජනා කිරීමට නියමිතව තිබෙනවා.

 

 

 

views

215 Views

Comments

arrow-up