ඉන්ධන හල් 60%කට ඉන්ධන මේ වෙද්දී ලැබිලා - බෙදුම්කරුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ඉන්ධන හල් 60%කට ඉන්ධන මේ වෙද්දී ලැබිලා - බෙදුම්කරුවෝ

ඉන්ධන හල් 60%කට ඉන්ධන මේ වෙද්දී ලැබිලා - බෙදුම්කරුවෝ

ඉන්ධන හල් සියයට 60 කට පමණ යළි ඉන්ධන ලැබුණු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක පවසනවා.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියාසිටියා.

 

දින කිහිපයකට පසු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල් රැසකට ඉන්ධන බෙදා හැරීම ඊයේ රාත්‍රීයේ සිට අඛණ්ඩව සිදු කළ බවද ඔහු මෙහිදී කියා සිටියා.

 

මේ තත්ත්වය හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශ රැසක ඉන්ධන හල් වලට ඉන්ධන තොග ලැබුණු බවද ඔහු සදහන් කළා.

 

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගම හරහා පෙට්‍රල් සහ ඩීසල් බෙද හැරීම සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

views

247 Views

Comments

arrow-up