නුවරඑළියේ ටි‍්‍රප් ගිය අය ඉන්ධන නැතුව හිරවෙති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

නුවරඑළියේ ටි‍්‍රප් ගිය අය ඉන්ධන නැතුව හිරවෙති

නුවරඑළියේ ටි‍්‍රප් ගිය අය ඉන්ධන නැතුව හිරවෙති

ඩීසල් ලබාගැනීමට නුවරඑළියේ ඉන්ධනහල් අසල කිලෝමීටර් දෙකක පමණ දුරට වාහන පෝලිම් දක්නට ලැබුණි.

 

ඔවුන් සියලූදෙනාටම ප‍්‍රමාණවත් ඩීසල් ඉන්ධනහලේ නොතිබුණු අතර මෙහිදී වාහන සිය ගණනකට ඩීසල් නොලැබුණි.

 

මේ හේතුවෙන් ඉන්ධනහලේ සේවකයන් හා රියැදුරන් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද හට ගැනුණි.

 

නුවරඑළිය ප්‍රදේශයට පිටතින් දේශීය සංචාරකයන් රැගෙන පැමිණි වාහනද ඩීසල් පෝලිම්වල තිබූ අතර ඔවුන්ට තම ගම් පෙදෙස්වලට යෑමට ප්‍රමාණවත් පරිදි වාහනවල ඩීසල් නොමැති බව ඔවුහු පැවසූහ.

 

ඇතැම් අයට ඊයේ(23) දිනයේදී ඩීසල් ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව තමන්ට විශාල මුදලක් ගෙවා ඊයේ දිනයේදීද නුවරඑළියේ රැඳී සිටීමට සිදුවන බව එම ජනතාව පැවසූහ.

 

ඩීසල් නොමැතිවීම නිසා එළවළු ප්‍රවාහනයටද බාධා මතු වී තිබුණි.

views

712 Views

Comments

arrow-up