ආධුනික නාවිකයින් 324ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා සහභාගී විය.
මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි.
716 Views
Comments