එළියට ආ රංජන් රාමනායකට දේශපාලනය තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

එළියට ආ රංජන් රාමනායකට දේශපාලනය තහනම්

එළියට ආ රංජන් රාමනායකට දේශපාලනය තහනම්

බන්ධනාගාරයෙන් නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පළමුව හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. 

 

ඔහු, මාධ්‍ය හමුවකට එක්වුණේ ඉන් පසුවයි.  

 

එහිදී අදහස් දැක්වූ රංජන් රාමනායක පැවසුවේ දූෂණ සහ අක්‍රමිකතා සිදු කරන පුද්ගලයින්ට වඩා දූෂණ හෙලි දරවු කරන පුද්ලයින්ට නීතිය ක්‍රියාත්මකවීම, විශාල වරදක් බවයි.

 

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පත්කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවසීය.

 

කෙසේ වෙතත් රංජන් රාමනායකට දේශපාලනය කිරීම තහනම් බව මෙහිදී ප්‍රකාශ විය.

views

236 Views

Comments

arrow-up