ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

 

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

 

එළවළු අස්වනු වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීම සහ ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන් අඩුවීම හේතුවෙන් අලෙවිය විශාල වශයෙන් පහත වැටීම නිසා මෙසේ එළවළු මිල පහත ගොස් ඇතැයි එම වෙළෙන්දන් සහ අතරමැදි ව්‍යාපාරිකයෝ පවසති.

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද බෝංචි, ලීක්ස්, කැරට් දී ගෝවා ආදී උඩරට එළවළු පවා කිලෝවක මිල පසුගිය දිනවල පැවති මිලට සාපේක්‍ෂව සියයට 50 කින් පමණ අඩුවී තිබූ බව එහි වෙළෙඳුන් පවසයි

views

208 Views

Comments

arrow-up