නිවාස අධිකාරියට බිලියන 10ක ණය පොල්ලක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළ 1979 වසරේ සිට මේ දක්වා මෙරට ජනතාව වෙනුවෙන් දී තිබෙන ණය ප්‍රමාණයෙන් රුපියල් බිලියන 10 ඉක්මවන මුදලක් තවමත් අය විය යුතුව තිබෙන බව හෙළි වේ.
මාසිකව රුපියල් මිලියන 563ක මුදලක් අය විය යුතු වුවත් ජූලි මාසයේදී එකතු වී ඇත්තේ රුපියල් මිලියන 127කි. එය ප්‍රතිශතයක් ලෙස 23%කි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් දැනුම්වත් කිරීම සඳහා මහනුවරදී ඊයේ (19) පැවති විශේෂ වැඩමුළුවකදී මේ කරුණු අනාවරණ විය. මේ හමුවට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාද සහභාගි වූ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දී ඇති ණය අය කර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම අධිකාරියේ නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.
මාසිකව රුපියල් මිලියන 300ක ණය මුදල් අය කර ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවටද ඇමැතිවරයා උපදෙස් දුන්නේය.
211 Views
Comments