අනුරාධපුර ගණිකා නිවාසයක් වටලා ආදිවාසී තරුණියක් ඇතුළු 4ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

අනුරාධපුර ගණිකා නිවාසයක් වටලා ආදිවාසී තරුණියක් ඇතුළු 4ක් අත්අඩංගුවට

අනුරාධපුර ගණිකා නිවාසයක් වටලා ආදිවාසී තරුණියක් ඇතුළු 4ක් අත්අඩංගුවට

අවුරුදු සමයේ අනුරාධපුරට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගිය ගණිකා නිවසක් වටලා ආදිවාසී තරුණියක් ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, නිදන්ගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ලැගුම්හලක සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු බව පොලිසිය පවසයි.

 

මෙහි සිටි කාන්තාවන් කිහිපදෙනකුට නිවාඩු ලබාදී ඇති බවත්, අත්අඩංගුවට ගත් එක් කාන්තාවක රත්මලාන ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියක් වන බවත් පවසන පොලිසිය අනෙක් කාන්තාව මහියංගණය දඹාන නිදන්ගල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ආදිවාසී තරුණියක් බව පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පිරිමි සැකකරුවන් දෙදෙනකු සිටින බවත් ඉන් එක් අයෙකු ලැගුම්හලේ සේවයේ නිරතව සිටි අයෙකු බවත් අනෙක් අය මෙම ලැගුම්හල පවත්වා ගෙන ගිය පුද්ගලයා බවත් පොලිසිය සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීට පෙරත් කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා පොලිස් අත්අඩංගුවට ගත් අයකු වන බව වාර්තාවේ.

views

928 Views

Comments

arrow-up