කොවිඩ් හෙළිකල පොලිස් ලොක්කාගේ හොරා පොලිස් සෙල්ලම

පොලිස් සංස්කෘතික අංශයේ නර්තන ශිල්පී කණ්ඩායමක් බව පවසා ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ පිරිසකගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහුගේ තොරතුරු රැස්කිරීමේදී එම ආසාදිතයා නර්තන කණ්ඩායමට අයත් නොවන පිටස්තර පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
උසස් පොලිස් නිළධාරියෙකු නම් කළ දහ අට දෙනකුගෙන් යුත් නර්තන කණ්ඩායම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර ඇත.
කතරගම පෙරහැරේ නර්තන කණ්ඩායම් කිහිපයක කිහිපදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සංස්කෘතික අංශයේ පහත රට නර්තන කණ්ඩායම ඇන්ටිජන් පරික්‍ෂාව ඉල්ලා තිබූ බව ආරංචි මාර්ග වල සඳහන්වේ.
අදාල පිරිස පෙරහැර සඳහා පිටත්ව යාමට පෙර නාරාහේන්පිට පොලිස් රෝහලේ දී රැපඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති අතර එයින් අයෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු විය.
එම පුද්ගලයාට ප්‍රතිකාර ලබාදීම සඳහා තොරතුරු රැස් කිරීමේදී පොලිස් නිලධාරියෙකු නොවන බව අනාවරණය වීමෙන් උසස් පොලිස් නිලධාරියාගේ අත්තනෝමතික ක්‍රියාව අනාවරණ වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
804 Views
Comments