වැල්ලම්පිටිය පොලීසියම මාරු කරන්න නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

වැල්ලම්පිටිය පොලීසියම මාරු කරන්න නියෝගයක්

වැල්ලම්පිටිය පොලීසියම මාරු කරන්න නියෝගයක්

වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු නිලධාරීන් වහාම ස්ථාන මාරු ලබා දෙන ලෙස රජය ප්‍රබල අමාත්‍යවරයකු උසස් පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

නිලධාරීන් 92 ක් වැල්ලම්පිටිය පොලිසියේ රාජකාරිය කරනු ලබන අතර එම නියෝගයට අනුව වසර දෙකකට වැඩි සේවාකාලයක් ඇති නිලධාරීන් 33 දෙනෙකුට කැමති පොලිසියකට ස්වකැමැත්තෙන් මාරුවීම් ලිපි ලබා දෙන ලෙස ජේෂ්ඨ පොලිස් නිලධාරීන් නියෝග කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

එම නියෝගයට අනුව මේ වන විට එක් පොලිස් නිලධාරියකු පමණක් කැමැත්ත ලබා දී ඇතැයි ද දැනගන්නට තිබෙනවා. අමාත්‍යවරයා එලෙස නියෝග කර ඇත්තේ කුමන හේතුවක් මත දැයි නිශ්චිත ලෙස අනාවරණය නොවන බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

 

 

 

- මව්බිම පුවත්පත -

views

2037 Views

Comments

arrow-up