තවත් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

තවත් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවයි

තවත් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවයි

වවුනියාව විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

මෙම නව විශ්වවිද්‍යාලය එළැඹෙන අගෝස්තු මස 1වනදා සිට ක්‍රියාත්මක වන අතර දැනට පවතින යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියා මණ්ඩපය ජූලි 31 වන දා සිට අවලංගු කෙරේ.

 

නව විශ්ව විද්‍යාලය ගිණුම්කරණය හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණය යන අංශයන්ගෙන් සමන්විත වේ.

 

 

views

670 Views

Comments

arrow-up