නෞකාව ගිලී යාම ඇරඹේ - වන්දි ගන්නත් බෑ කියයි - (PHOTOS)

ගිනි ගැනීමට ලක්වූ එම්.ජී. එක්ස්ප්‍රස් පර්ල් කළ නෞකාව අද උදෑසන කාලයේදී යම් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමට නාවික හමුදාව කටයුතු කර තිබුණා. එහිදී යාත්‍රා කිහිපයක් ආධාරයෙන් ඇදගෙන යාමට දැරූ උත්සාහයේදී නෞකාවේ පිටුපස කොටසට ජලය කාන්දු වීම හේතුවෙන් නෞකාව මේ වන විට මුහුදේ ගිලීම ආරම්භ වී ඇති බව මුද්‍රිය පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.
මේ අතර නෞකාව මුහුදුබත් වුවහොත් සිදුවන හානිය වළක්වා ගැනීමට ඉන්දියාවෙන්ද සහය ඉල්ලා තිබෙන බව වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ යම් නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක්ව පවතින බවයි.
මෙරට ඇති දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත්ව නොවීම ඊට හේතුව බව ඔහු සඳහන් කළා.
මුහුදේ දී සිදුවන මෙවන් අනතුරු හේතුවෙන් ඒවා ගලවා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමාගම් මෙරට තුළ නොපවතින බවත් එවැනි සමාගම් මෙරට තුළ ස්ථාපිත කිරීමට නීතියෙන් යම් යම් බාධක ඇති වී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
2902 Views
Comments