මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට 600ක බල ඇණියක්

මහර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 600ක් පමණ යොදවා ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ පොලිස් නිලධාරින් 400 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 200 ක් ඒ අතර වන බවයි.
බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් රැදවියන් 8 දෙනෙකු මිය ගොස් ඇති අතර 70 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ රැදවියන් ඊයේ පස්වරුවේ පළායාමට උත්සහ කිරීම හේතුවෙන් එය වැලැක්වීමට පියවර ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
682 Views
Comments