FEB
15
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක්

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ඉකුත් මාස 06 තුළ සංචාරක ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇති බවයි.
ශ්‍රී ලංකාව සංචාරකයින්ට සුදුසු ගමනාන්තයක් ලෙස මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබේ. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඉතාලියේ මිලානෝ නුවරදී පැවති “Bit Tourism Exhibition” සඳහා එක්වෙමිනි.
මෙම අවස්ථාවට ඉතාලියේ වෙසෙන, ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ද එක්ව සිටියහ.
216 Views
Comments