ජනපති පොහොට්ටුව අත්හරී? - නව දේශපාලන පක්ෂයක් සෙවීමේ වගකීම ප්‍රසන්නට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

ජනපති පොහොට්ටුව අත්හරී? - නව දේශපාලන පක්ෂයක් සෙවීමේ වගකීම ප්‍රසන්නට

ජනපති පොහොට්ටුව අත්හරී? - නව දේශපාලන පක්ෂයක් සෙවීමේ වගකීම ප්‍රසන්නට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් වෙනත් දේශපාලන පක්ෂයකින් ඊලඟ මැතිවරණයට තරඟ කිරීමට සැලසුම් කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.


නව දේශපාලන පක්ෂයක් සොයා ගැනීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංග වෙත භාරදී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම දෙකට බෙදීම හේතුවෙන් එම පෙරමුණ යටතේ මැතිවරණයකට ඉදිරිපත් වීමට ඇති අවිනිශ්චිත තත්තවය නිසා මෙම පියවර ගෙන තිබේ.

 

පසුගියදා ඇතිවූ සිද්ධීන්වලින් පසු පොදු ජන පෙරමුණ සමඟ ජනතාව අතරට යනවාට වඩා නව මුහුණුවරකින් ඉදිරිපත් වීම වඩාත්ම යෝග්‍ය බවද ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී ඇත.

 

කෙසේ වුවත් හිටි හැටියේම ජනාධිපතිවරයා නව දේශපාලන පක්ෂයක් සෙවීම සම්බන්ධව දේශපාලන නායකයින් අතර දැඩි කුතුහලයක් ඇති වී තිබේ.

views

704 Views

Comments

arrow-up