පෙට්‍රල් බෝතලය 800ට අලෙවි කරමින් සිටි පොම්පකරුගේ බිරිඳ තෙල් සමඟ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

පෙට්‍රල් බෝතලය 800ට අලෙවි කරමින් සිටි පොම්පකරුගේ බිරිඳ තෙල් සමඟ මාට්ටු

පෙට්‍රල් බෝතලය 800ට අලෙවි කරමින් සිටි පොම්පකරුගේ බිරිඳ තෙල් සමඟ මාට්ටු

අලු‍ත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුගේ බිරිඳ පෙට්‍රල් බෝතලයක් රුපියල් 800ට අලෙවි කරමින් සිටියදී ඉන්ධන තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී පවසා තිබෙන්නේ තම ස්වාමියා රැගෙන එන පෙට්‍රල් මෙලෙස අලෙවි කරන බවයි.

 

පෙට්‍රල් බෝතලයක් රු.800ක මුදලකට පොලිස් උපාය දූතයෙකු විසින් මිලදී ගැනීමෙන් පසුව එම නිවස පරික්ෂා කර පෙට්‍රල් බෝතල් තොගය එම කාන්තාව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවසීය .

 

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

636 Views

Comments

arrow-up