තීරණාත්මක අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක එක්දින තරගය අද පැවැත්වේ.
දෙපිලම 1-1ලෙස තරගාවලිය සම කර ඇති අතර අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ශුරතාවය දිනා ගනු ඇත.
අද තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු පරිදි දසුන් ශානක ගේ නායකත්වයෙන් සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම වැඩ බලන නායක කේශාව් මහරාජ් මෙහෙයවයි.
අද තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
763 Views
Comments