රෝහල් වල ඇති මෘතදේහ සදහා හදීසියේම ගත් තීරණය

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ කලක පටන් දිවයිනේ ඇතැම් රෝහල්වල ගොඩගැසී ඇති හඳුනානොගත් මළ සිරුරු සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්වයක් සොයාබලා එම මළ සිරුරු කඩිනමින් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
අමාත්‍යවරයා සෞඛ්‍ය නිලධාරීන්ට පවසා සිටියේ ඇතැම් රෝහල්වල අබලන් වී ඇති ෘත ශරීරාගාර හා ශීතාගාර අළුත්වැඩියා කරන ලෙසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රෝහල්වල මළ සිරුරු අනවශ්‍ය ලෙස ගොඩගැසීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇති බවයි.
819 Views
Comments