බලුලුවැවේ නාඳුනන මළ සිරුරක්

කලාවැව බලුලුවැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී බලුලුවැවේ රළපනාව මත තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙකි.
මළ සිරුර පැවති තත්ත්වය අනුව ඔහු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට පොලිසිය අනුමාන කරන අතර ඔහු මියගිය ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.
කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්.ගස්සාලි ඊයේ (05) පස්වරුවේ එම ස්ථානයට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
429 Views
Comments