හම්බන්තොට කහ අගමැති මහින්ද අතින් මිලදී ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

හම්බන්තොට කහ අගමැති මහින්ද අතින් මිලදී ගනී

හම්බන්තොට කහ අගමැති මහින්ද අතින් මිලදී ගනී

හම්බන්තොට කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය  අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදි පැවැත්විය.

 

උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

 

කිලෝ ග්‍රෑම් 1ක් රු.165ක රජයේ සහතික මිලක් යටතේ අමු කහ අස්වනු මිලට ගනිමින් ඒ සඳහා මුදල් ගෙවීම මෙහි දී සිදු කෙරිණි. "ගොවියාට උපරිම මිලක් - පාරිභෝගිකයාට සහන මිලක්" තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

 

උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු ගොවීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ..

views

559 Views

Comments

arrow-up